තෙවැනි මහලෙන් බිමට වැටුණු දරුවෙක් තුවාල ලබයි


බොරැල්ල ප්‍ර දේශයේ පවතින මහල් නිවාස සංකිර්ණයක තෙවැනි මහලෙන් බිමට වැටුණ දරුවෙක් තුවල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.

තුවාල ලැබූ 16 හැවැරිදි දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ දරුවා නිවසේ නොමැතිවීම හේතුවෙන් ඔහුගේ මව දරුවා නිතර යන මෙම මහල් නිවාස සංකීර්ණයේ 03 වැනි මහලේ පවතින නිවස වෙත ගොස් කථා කිරීමේදී නිවස තුළ සිටි දරුවා කලබල වී එම නිවසේ ‌පසුපස ජනේලයෙන් පිටතට පැමිණි සිමෙන්ති ග්‍රිල් ආධාරයෙන් බිමට බැසීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.



Recommended Articles