රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල සහ දෙමළ පාසල් සඳහා 2026 වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද (10) ආරම්භ කරයි.
2026 වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර අවසන් කරමින් අගෝස්තු 07 වැනිදා නිවාඩු ලබාදීම සිදු කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. මුස්ලිම් පාසල් සඳහා තෙවැනි වාරයේ නිවාඩුව වලංගු වනුයේ සැප්තැම්බර් මස 02 වැනිදා සිටය.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම පාසල්වල තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර සැප්තැම්බර් මස 07 වැනිදා ආරම්භ කරන අතර එම පාසල් වාරය දෙසැම්බර් 04 වැනිදා දක්වා පැවැත්වේ.

