තෙන්දු කොල කිලෝ 1869 ක් වෙන්දේසියේ කිරීමෙන් රජයට මිලියන 15 ක ආදායමක්


ප්‍රදේශ ගණනාවකින් අත් අඩංගුවට ගන්නා ලද තීරු බදු රහිතව මෙරටට ගෙනවන ලද තෙන්දු කොල කිලෝ ග්‍රෑම් 1869 ක් ශ්‍රී ලංකා සුරාබදු  දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින්  සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමථ ගාස්තු අය කර පසුව රාජ සන්තක කරන ලදි.

මෙම තෙන්දු කොල කිලෝ ග්‍රෑම් 1869 ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ.පේමරත්න මහතාගේ මූලිකත්වයෙන් පසුගිය 28 දා සිදු කරන ලදි.

මෙම වෙන්දේසි කරන ලද තෙන්දු කොළ කිලෝ ග්‍රෑම් 1869 විකිණීමෙන්  රජයට රුපියල් මිලියන15 ක පමණ මුදලක් අය කර ගැනීමට හැකි වී ඇත.

ඉඹුල්ගොඩ - එම්.ඩී.එස්.ගුණතිලක 



Recommended Articles