තුසිත හල්ලොලුවට වෙඩි තැබීමට සම්බන්ධ තවත් තිදෙනෙක් අල්ලයි


දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන තුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පසුගිය 17 දින නාරාහේන්පිට පොලිස් වසමේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණ  අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල හා කොළඹ 14 පදංචි අවුරුදු 31, 32 හා 40 යන වයස්හි පසුවන්නන් වෙයි.

මෙම සැකකරුවන් වත්තල හා කිරුළපන ප්‍ර දේශවලදීකොළඹ දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු හා එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකතන 4ක්ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.  

 



Recommended Articles