තුසිත වනිගසිංහ යළිත් හිටපු පුටුවටම


නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ.

ඒ මහතා අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අතර  රාජ්‍ය ආයතන ගණනාවකම ඉහළ තනතුරු හොබවා තිබේ.

2019 දෙසැම්බර් මාසයේ දී වනිගසිංහ මහතා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ධූරයට පත් කෙරිණ.



Recommended Articles