වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය. වැඩ තහනමකට ලක්කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් අද දිනයේදී ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.
ඔහු හෙට (10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.