තුල්හිරිය ඇඟළුම් කර්මාන්ත ශාලා සේවකයෙකුට කොවිඩ් - මාවතක් වසයි


වරකාපොල, තුල්හිරියේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට එම කර්මාන්තශාලාවේ අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

මේ අනුව එම සේවකයා පදිංචි තුල්හිරිය විද්‍යාල මාවත වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. එසේම මේ වන විට එම කර්මාන්තශාලාවේ සේවකයන්නේ රජය මැදිහත්ව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් පවතී.



Recommended Articles