තීරු බදු නොගෙවා ආනයනය කල දුම්වැටි තොගයක් සෙයා ගැ​නේ


විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් iii හි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (28) වන දින අංක 230, පරණ යෝන් වීදිය, කොළඹ 12 ලිපිනයේ දී  නිවසක් තුළ ගබඩා කර තිබූ දුම්වැටි දොළොස් දහසක් (12,000) සමග වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ෂන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හත් ලක්ෂ අසූ දාහසකට (රු. 780,000) අධික වටිනාකමකින් යුක්ත වේ.



Recommended Articles