තීරු බදු නොගෙවා ආනයනය කරන ලද දුම්වැටි තොගයක් අත්අඩංගුවට


විශේෂ කාර්​ය බලකා කණ්ඩායමක් විසින් වත්තල පොලිස් වසමේ වත්තල, කල්‍යාණී පාර, රබීනා කම්පැණි ඉඩමේ දී වැටලීමක් සිදුකර ඇත.

නීති විරෝධීව තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ ඒම දුම්වැට් අලෙවි කර ලබාගත් රුපියල් නවලක්ෂ විසි දාහකට අධික මුදල් ප්‍රමාණයක්ද සමග වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 44 සහ 46 ක් වන බේරුවල හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංච් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



Recommended Articles