තිළිණි ප්‍රියමාලීට සහ ජානකී සිරිවර්ධනට ඇප


මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13දා) නියෝග කළේය.

ජානකී සිරිවර්ධනට එරෙහි  එක් නඩුවකට රුපියල් 50,000 බැගින් 1,50,000.00 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදා හැරීමටත්, තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,50,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එහි දී තිළිණි ප්‍රියමාලීගේ එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව තිළිණි ප්‍රියමාලි ලබන 16දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.



Recommended Articles