තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී දුරකතනයක් සොයා ගනියි


මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ ගෲප් (පුද්ගලික) සමාගමේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි ළඟ තිබී ජංගම දුරකථනයක් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිදුකළ සෝදිසියකදී ඊයේ රාත්‍රියේ මෙම ජංගම දුරකථනය සොයාගත් බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් සිටියදී රුපියල් මිලියන 226ක්, ඇමෙරිකානු ඩොලර් 60,000ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ප්‍රියමාලි ඔක්තෝබර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 



Recommended Articles