තිස්ස කුට්ටිආරච්චි කොන්දේසි විරහිතව ජනපතිට කනගාටුව ප්‍රකාශ කරයි


පසුගිය ජනපතිවරණ කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කිරීම හරහා  නඩුව සමතයකට පත් කර ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස  කුට්ටිආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර තිබූ නඩුව අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිසකුට්ටි ආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළේය.

මැතිවරණ කාලයේදී කුමක් ප්‍රකාශ කළද අනුර කුමාර දිසානායක මහතා මේ වන විට බහුතරයකගේ කැමැත්ත මත රටේ ජනපති වී සිටින බව තිස්සකුට්ටි ආරච්චි මහතා ප්‍රකාශ කළේය. 



Recommended Articles