යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරැම් රථ පෙලපාලියට ඊයේ (17දා) ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතළු සිවු දෙනෙකු චීනවරාය පොලිසිය මගින් අත් අඩංගුවට ගත්හ.
සිද්ධිය වු ස්ථානයේ ලබාගත් ඡායාරූප හා විඩියෝ දර්ශන පදනම් කර ගනිමින් මෙම අත් අඩංගුවට ගැනිම සිදු කළහ.
පහර කෑමෙන් පසුව රථ පෙල ආපසු හරවා ගෙන තඹලගමුව දෙසට ගොස් මන්ත්‍රී සෙල්වරාසා ගජේන්දුන් මහතා දුරකතයෙන් පොලිස්පතිවරයාට දුරකතයෙන් පැමිණිලි කිරිමෙන් පසුව ත්‍රිකුණාමලය සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් තඹලගමුවට පැමිණ මත්ත්‍රිවරයාගේ පැමිණිල්ල සටහන් කරගැනිමෙන් පසුව අදාල පරික්ෂණ කටයුතු චිනවරාය පොලිසියට භාර දෙනු ලැබිය.
මේ අනුව අත් අඩංගුවට ගත් සිවු දෙනාගෙන් තිදෙනෙකු ත්‍රිකුණාමලය විජේසේකර පුර පදිංචිකරුවන් වන අතර අනෙක් තැනැත්තා සර්ධාපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා

