තිරියාය හා කුරුන්දි ඉඩම් ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්


කුරුන්දි විහාරයේ ඉඩම් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පතිකිරීමට තමන් උපදෙස් දුන් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. හෝමාගමදී ඊයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසීය.

"දැන් කුරුන්දි විහාරය ගැන එක එක ප්‍රකාශ සිදු කරනවා. මම එහි දෙමළ ජනතාව පදිංචි කරන්න යනවා කියලත් කියනවා. මම එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේට දැනුම් දුන්නා මේ රජයේ ඉඩම්. ඒවායේ අපි දෙමළ, සිංහල හෝ මුස්ලිම් ජනතාව පදිංචි කරවන්නේ නැහැ කියලා ඔවුන්ට දැනුම් දෙන්න කියලා.

අනිත් පැත්තෙන් කෑ ගහනවා තිරියාය කඩලා එතන ගොඩනැගිල්ලක් හදන්න යනවා කියලා. එලෙස කිසිවක් නැහැ. ඒ ගැන ටිකක් හොයලා බැලුවොත් 2018 පාර්ලිමේන්තු කමිටුවකින් මේ පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉඩම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත් කරන ලෙස මම උපදෙස් දුන්නා."



Recommended Articles