තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි


ඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින්  පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෝට්ටේ මිරිහාන ගල් වල පාර පදිංචිව සිටි කුඩා ලියනගේ දොන් සජිත් මධුසංඛ 34 යන අයයි.

බරපතළ තුවාල ලද පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඊයේ 22 දෙපාර්ශවය මත්පැන් පානය කිරීමෙන් අනතුරුව  බහින් බස්වීම සිදුවී මෙම පිහි ඇනුම වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත

බරපතල තුවාල ලද පුද්ගලයා රක්වාන පදිංචි කරුවෙකි. කෝට්ටේ මිරිහාන ගල්වල පාර පදිංචි සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් ඇත. මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි



Recommended Articles