තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ


වත්තල, මාබෝලවත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 59 හැවිරිදි මාබෝලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වත්තල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



Recommended Articles