තියුණු ආයුධ සමඟ සැකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට


නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ දි තියුණු ආයුධ සමඟ සැකකරුවන්  05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදි කඩු දෙකක්, කිණිසි දෙකක් සහ උල් පිහි දෙකක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු  21, 22 සහ 24 වයස්වල පසුවේ.

ඔවුන් අද (30) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



Recommended Articles