තැපැල් සේවකයන්ගේ වැඩවර්ජනයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩවර්ජනය අද (30දා) සවස 4.00ටත්, තැපැල් කාර්යාල වර්ජනය රාත්‍රී 12.00ත් අවසන් කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
තැපැල් බලධාරීන් සමග ඊයේ (29දා) පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත්, මේ නිසා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලබන මස 01වන දින සාකච්ඡා කරන බවද එම සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර මහතා සඳහන් කළේය.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල හා මධ්‍යම තැපැල් හුවමාරු පැය 48ක වැඩවර්ජනයක් පෙරේදා (28දා) ආරම්භ කළ බව බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර මහතා සඳහන් කළේ, මේ අනුව පෙරේදා (28දා) සවස 4.00 සිට අද (30දා) සවස 4.00 දක්වා මධ්‍යම තැපැල් හුවමාරුව තුළත්, එදින මධ්‍යම රාත්‍රී 12 සිට අද (30දා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා තැපැල් කාර්යාල හා පාලන කාර්යාලවලත් වැඩවර්ජනය සිදුවන බවද පැවසීය.
පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය.