තැපැල් ජන්දයට දින වෙන් කිරීමට මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි


හෙට (16) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතව ඇ​ත.

අගෝස්තු 05 වනදා මහා මැතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙයයි.

හෙට පැවැත්වෙන රැස්වීමේ දී තැපැල් ඡන්ද භාවිත කරන දින ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.



Recommended Articles