තැපැල් ඡන්ද ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදයි


තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

තැපැල් ඡන්දය ගණනය කිරීමේ මධ්‍යස්ථාන 371ක තැපැල් ඡන්දය ගණනය කිරීම සිදුවෙයි.

එයින් මධ්‍යස්ථාන 103ක තැපැල් ඡන්ද ගණනය කර අවසන්ව එයින් 70ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇතැත් කිසිම දිස්ත්‍රික්කයක සම්පූර්ණ ප්‍රතිඵලයක් ප්‍රකාශ කිරීමට ඒවා ප්‍රමාණවත් නොවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

 



Recommended Articles