තැපැල් ඡන්ද දින පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍යයි


පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින වකවානු මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තැපැල් ඡන්ද දින පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම කොමිසම සදහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සදහන් කර තිබේ.



Recommended Articles