තැපැල් කටයුතු අද ඇරඹේ


කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් පෙර පැවති තත්ත්වයෙන්ම ලිපි බෙදා හැරීමට නොහැකි වනු ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ද මේ වනවිට ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි තැපැල්පතිවරයා පැවසුවේ.

 



Recommended Articles