තැන තැන හමුවන මළ සිරුරු


කැලණි ගඟේ සහ මුහුදු තීරයේ පාවෙමින් තිබූ  නාඳුනන මළ සිරුරු තුනක් ඊයේ ( 4) එකම දිනක දී  හමුවූ බව පොලිසිය කියයි. මළ සිරුරු තුනෙන් දෙකක් පිරිමි පුද්ගලයන්ගේ බවත් අනෙක කාන්තාවකගේ බවත් පොලිසිය කියයි

දෙහිවල පොලිස් වසමේ පීටර් පටුමගේ මුහුදු තීරයේ තිබී අවුරුදු 55 ක් වන නාඳුනන  පිරිමි මළ සිරුරක් හමුවී ඇති අතර කොටුව ගාලු මුවදොර මුහුදු තීරයේ පාවෙමින් තිබූ අවුරුදු 40 ක් පමණ  කාන්තා මළ සිරුරක් හා වත්තල හේකිත්ත කිස්තුරාජ පාලම අසල කැළණි ගඟේ තිබී අවුරුදු 40 ක් පමණ වන නාදුනන පිරිමි මළ සිරුරක් හමු වූ බව පොලිසිය කියයි හමුවූ බව පොලිසිය කියයි

එම මළ සිරුරු පොලිස් මෘත ශරීරාගාරයේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇතැයි පොලිසිය කියයි. දෙහිවල කොටුව සහ වත්තල පොලිසි මගින් පරීක්ෂණ පැවැත්වේ



Recommended Articles