තායිලන්තයේ රාත්‍රි කාලයට ඇඳිරි නීතිය


තායිලන්තය තුළ දිගින් දිගටම කොවිඩ් රෝගින් වාර්තා වීමත් සමග රාත්‍රී කාලයේදි ඇඳිරි නිතිය පැනවීමට තායිලන්තය කටයුතු කර තිබේ.

ඒ අනුව එළැඹෙන සිකුරාදා දින සිට නියමක් නොමැතිව රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

එරට අග්‍රාමාත්‍ය ප්‍රයූත් චාන්-ඕ-චා රූපවාහිනී විකාශනයකින් පැවැසුවේ තායිලන්තයේ පදිංචිකරුවන්ට රාත්‍රී 10 සිට අලුයම 4.00 දක්වා තම පරිශ්‍රයෙන් පිටවීමට අවසර නොලැපෙන බවයි.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා මෙම  ඇඳිරි නීතිවය බලනොපායි.

“සුපුරුදු පරිදි දිවා කාලයේ ඔබට භාණ්ඩ මිලදී ගත හැකි බැවින් භීතියට පත් නොවන්නැයි මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එහෙත් සමාජ දුරස්ථභාවය දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා” යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වන විට තායිලන්තයේ කොරෝනා ආසාදිතය් 1,875 ක් සනාථ වී ඇති අතර ඉන් 15 ක් මියගොස් තිබේ.



Recommended Articles