මේ පිළිබඳ කරුණු ඉදිරිපත්වුයේ බ්‍රික්ස් (බ්‍රසීලය,රුසියාව ,ඉන්දියාව ,චීනය, දකුණු අප්‍රිකාව) රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ මෙරටට ලබාගත හැකි සමාජ ,ආර්ථික ,දේශපාලන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.09.05 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ සමාජ,ආර්ථික ,දේශපාලනමය වශයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් විමසා බැලීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මුලිකත්වයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ජාවක් පවත්වා එහි වාර්ථාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට කාරක සභා සභාපතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළේය.
එමෙන්ම විදේශ තානාපති කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු වෙනුවෙන් විදේශයන්හි ඉගෙනුම ලබන මෙරට සිසුන් ඇතුළු විදේශ සිසුන් , ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

