ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ගන්න පොලිසියේ ලියාපදිංචිය අවශ්‍යයයි


ඉන්ධන ලබාගැනීම සඳහා සියලුම ත්‍රීරෝද රථ හිමියන් ජූලි මස 31දාට පෙර තමන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

තවද ත්‍රීරෝද රථ ලියාපදිංචියේ දී ආසන්න පිරවුම්හල නම් කළ යුතු වේ.

අගෝස්තු මස 01දා සිට ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කරනු ලබන්නේ එම නම් කළ පිරවුම්හලෙන් පමණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles