හැටන් හිජිරාපුර ප්‍රදේශයේ තම නිවස තුළම දින කිහිපයකට ප්‍රථම මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුර අද (12) දින සොයගත් බව හැටන් පොලීසිය පැවසිය.
මෙසේ සොයාගනු ලැබුවේ හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි පෙරිඅන්න පලනියන්ඩි නැමති (62) හැවිරිදි එක්දරු පියෙකි.
මරණකරුගේ බිරිඳ මස්කෙලිය ප්‍රදේශයේ තම දියණියගේ නිවසට ගොස් සිටියදි එම දියණිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණ සිටි නිසා සෞඛ්‍යය අංශ විසින් දියණියගේ නිවසේම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
අසල්වාසින් විසින් මරණකරුගේ ත්‍රිරෝද රථය දින ගණනාවක් හිජිරාපුරට පිවිසෙන මාර්ගයේ ගාල් කර තිබෙන බවට මරණකරුගේ නිවසේ විදුලි බල්බ දල්වා තිබුණද එ පිළිබදව සැකයක් පවතින නිසා එ පිලිබදව අසල්වාසින් විසින් හැටන් පොලීසියට අද දැනුම් දි ඇත.
සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශන කටයුතු වලින් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලීසිය පැවසිය.