ත්‍රිකුණාමලය කොස්තාපල්ට අයිස් මත්ද්‍රව්‍ය දුන් පුද්ගලයා අත්අඩංගුවට


ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයාට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා , සිය පවුල සමග තායිලන්තයේ සවාරියක් ගොස් මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 11/18 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ - 08 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය පවුලේ සාමාජිකයන් පිරිස සමග තායිලන්තයේ සංචාරය නිමා කර 11/18 දින පස්වරු 04.20 ට බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මොහු අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත භාර දී තිබේ 



Recommended Articles