ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ දේවානන්දාගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි


අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින්  සිදු කරනු ලබන  විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (26දා) අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව සැකකාර ඩග්ලස් දේවානන්දා මහතා  අද (27දා) සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72ක රැ ඳවුම් නියෝග මත ර ඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුව මිනීමරුම් විමර්ශන අංශය මගින් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



Recommended Articles