තවමත් කොවිඩ් අවදානම පහව ගිහින් නැහැ


ආසාදිතයන් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන හෙයින් කොවිඩ් අවධානම පහව ගොස් ඇති බවට වැරදි අදහස් ඇති කර නොගන්නා ලෙ​ස ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

මේ වන විට ජනතාව ආගමික සිද්ධස්ථාන හා මංගල උත්සව හා අවමංගල උත්සව සඳහා විශාල ලෙස ඒකරාශී වෙමින් සිටන බවත් එය නරක පූර්වාදර්ශයක් බව​ට රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

ආසාදිතයන් හා මරණ අඩු වූ පමණින් අවධානම පහව ගොස් නැති බවත් වෛරසය ඕනෑම මොහොතක වෙනස් වීමේ හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.



Recommended Articles