තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට


ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය සදහා යොදා ගැනීමට , ඇමෙරිකාවේ " ෆයිසර් " එන්නත් මාත්‍රා 73,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට , කිලෝ ග්රැම් 445 ක් බරැති මෙම එන්නත් තොගය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .

එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින අලුයම 02.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම එන්නත් තොගය , ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කළ අතර , ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

 



Recommended Articles