තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට


ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ," ෆයිසර් " එන්නත් තවත් මාත්‍රා ලක්ෂයක පමණ ප්‍රමාණයක් , අද දින අලුයම , කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

කිලෝ ග්‍රෑම් 549.03 ක් බරැති මෙම එන්නත් තොගය , පෙට්ටි 16 ක වියළි අයිස් යොදා අසුරා තිබුණි .

මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙම එන්නත් තොගය , කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි.

ඊට පසුව , එතැන් සිට මෙම එන්නත් තොගය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින අලුයම 01.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

කොළඹ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන යන තෙක් , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ .

 



Recommended Articles