තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට


ඇමෙරිකානු " ෆයිසර් " වර්ගයේ තවත් එන්නත් 150,000 ක පමණ  තොගයක් 08/30 දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

කිලෝ ග්රැම් 815 ක් බරැති මෙම  එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි .ඉන්පසුව 08/30 දින අලුයම 02.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට , ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles