තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් දිවයිනට


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත්  මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම චීනයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .

මෙය ශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන මෙරටට රැගෙන ආ දෙවන එන්නත් තොගයයි .

මෙම එන්නත් තොගය චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 5.02 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ගබඩා කර තැබීමෙන් අනතුරුව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ .

 



Recommended Articles