තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට එයි


සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

චීනයේ සයිනොෆාම් ඖෂධ නිෂ්පාදන සමාගම උපුටා දක්වමින් තානාපති කාර්යාලය මේ බව සඳහන් කරයි.

මේ අනුව මේ මාසයේදි ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලයන 7ක් යොමුකර ඇති බවත් ලංකාවට ලබාදී ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 18ක් බවත් තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකට පරිපාලනය කර ඇති එන්නත වන්නේද චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.



Recommended Articles