තවත් සති දෙකකට ගම්පහට ඇතුළුවීම හා පිටවීම තහනම්


ඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ පිටවීම සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩි-19 රෝග නිවාරණ කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනිකුත් කිසිදු පුද්ගලයකුට ගම්පහ දිස්ත්‍රික්කට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැක.

එමෙන්ම් මේවනවට තම ගම්බිම් බලා යෑමට නොහැකිව ගම්පහ දිස්ත්‍රික්කය තුළ 15 000 ට වැඩි පිරිසක් සිටින බවත්  මෙහිදී අනාවරණය වී ඇති අතර ඔවුනට සහන සැලසීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටද මෙම කමිටුව සාකච්ඡා කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කෝවිඩි-19 රෝගීන්  විශාල ප්‍රමාණයක් හමුවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් කෝවිඩි-19 රෝග නිවාරණ කමිටුව මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles