තවත් ශ්‍රී ලාංකිකයන් 269ක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 269 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත  12/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 101 දෙනෙකු ද , එරට ඩුබායි සිට 76 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 47 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි සිට 45 දෙනෙකු ද වශයෙන් එම රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් , ගුවන් යානා 04 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ .

මේ අතර කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ වැසි සහිත කාළගුණික තත්වයක් පැවතිය ද , ගුවන් ගමන් කිසිදු බාධාවකින් තොරව නියමිත වෙලාවටම ක්‍රියාත්මක වූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles