තවත් විදේශ වල සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට


විදේශ රටවල රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු 11/23 දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ යළි මෙරටට පැමිණ තිබේ .

ඒ අනුව කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී විවිධ කරදර වලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු , රජය විසින් මෙවැනි කණ්ඩායම් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ 11/23 දින අලුයම 2.00 ට කුවේට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් මත්තල  ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .

එසේම ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 11/23 දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මීට අමතරව 11/23 දින අලුයම 4.30 ට ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 02 දෙනෙකු රැගෙන නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මොවුන් සියලු දෙනා පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles