තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 50 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,993 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට ද කටයුතු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මෙම කාලසීමාව තුළ ගුවන් යානා 26 කින් , ගුවන් මගීන් 1,124 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

ඒ අතර කටාර් රාජ්‍යය දෝහා  සිට පැමිණි ගුවන් යානා 02 කින් ගුවන් මගීන් 1,124 දෙනෙකු පැමිණ තිබුණි .

එසේ පැමිණි ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

ඒසේම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 869 දෙනෙකු ගුවන් යානා 24 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා වෙත 279 දෙනෙකු ද , එංගලන්තයේ ලන්ඩන් වෙත 123 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා චීනය , රුසියාව , ඕලන්දය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් විදේශීය සංචාරකයන් 141 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles