තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 40 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,288 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 370,000 ක් බරැති ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ද ප්‍රවාහනය කිරීමට ද දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 19 කින් ගුවන් මගීන් 1,187 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 189 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 134 දෙනෙකු ද සිටියහ .

මෙම ගුවන් මගීන් සියලුම දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 1,101 දෙනෙකු ගුවන් යානා 21 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් වෙත පිටත්ව ගොස් තිබුණි.

එසේ පිටත්ව ගොස් තිබූ ගුවන් මගීන් අතර සෞදි අරාබියේ රියාද් වෙත 255 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි වෙත 170 දෙනෙකු ද සිටියහ .

එසේම මෙම කාළසීමාව තුළ කිලෝ ග්‍රෑම් 50,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර , තවත් කිලෝ ග්‍රෑම් 320,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් වෙත රැගෙන ගොස් තිබුණි .

 



Recommended Articles