තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 26 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගින් 2,338 දෙනකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද  , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 10 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , කිලෝ ග්‍රෑම් 409,000 ක් බරැති ගුවන්  භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .

ඒ අනුව මගී ගුවන් යනා 13 කින් ගුවන් මගීන්  1,271 දෙනෙකු මෙම කාල සීමාව තුළ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

එම පිරිස් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 296 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් සිට 125 දෙනෙකු ද පැමිණ සිටියහ .

එහි පැමිණි සියලුම  දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ  හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාල සීමාව තුළ ගුවන් යානා 13 කින් ගුවන් මගීන් 1,067 දෙනෙකු  කටුනායක ගුවන් තොටුපළෙන්  විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

එම  පිරිස අතර ඉන්දියාවේ නවදිල්ලි වෙත 218 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් වෙත  185 දෙනෙකු ද  පිටත් ව ගොස් තිබුණි  .

එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ජර්මනිය , ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තයේ සිට විදේශීය සංචාරකයන් 161 දෙනෙකුද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

එමෙන්ම මෙම කාල සීමාව තුළ කිලෝ ග්‍රෑම් 71,000 ක් බර ඇති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස කටුනායක ගුවන්තොටුපල වෙත  ගුවන් යානා 05 කින් රැගෙනවිත් තිබූ අතර ,  තවත් කිලෝ ග්රැම් 338,000 ක් බරැති  ගුවන් භාණ්ඩ තොගයක් ගුවන් යානා 05 කින් කටුනායක ගුවන් තොටුපළෙන්  විදේශීය රටවල් බලා අපනයන ලෙස රැගෙන ගොස් තිබූ බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරිවරයා පැවසීය 

 



Recommended Articles