තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 32 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින්  , ගුවන් මගින් 2 ,204 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් , කිලෝ ග්‍රෑම් 730,000 ක බරැති ගුවන් භාණ්ඩ තොගයක් ගුවන් යානා 11 කින් ප්‍රවාහනය කිරීමට ද  දායක වී ඇති  බව  ගුවන්තොටුපල කාර්යය භාර  නිලධාරීවරයා  පැවසීය .

ඒ අනුව මෙම කාලසීමාව තුළ ගුවන් යානා 15 කින්  ගුවන් මගින් 1,140  දෙනකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

ඒ අතර මාලදිවයිනේ මාලේ  සිට ගුවන් මගීන් 149 දෙනෙකු ද ,  එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  ඩුබායි සිට ගුවන් මගීන් 147 දෙනකු ද කටුනායක ගුවන්තොටුපල පැමිණ  තිබුණි .

මෙසේ පැමිණි මෙම ගුවන් මගීන්  සියලුම දෙනා ශ්‍රී ලංකා යුධ  හමුදාව විසින් නීරෝධායන  ක්‍රියාවලිය සඳහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාල සීමාව තුළ ගුවන් යානා 17 කින්  ගුවන් මගීන්  1,064 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළෙන් විදේශ රටවල් බලා  පිටත් ව ගොස් තිබුණි .

ඒ අතර අතර සෞදි අරාබියේ රියාද් වෙත  149 දෙනෙකු , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි වෙත  170 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එංගලන්තය , ඇමරිකාව ආදී රටවලින්  විදේශීය සංචාරකයන් 122 දෙනෙකු ද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

එසේම මෙම කාල සීමාව තුළ කිලෝ ග්රැම් 341,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන විත් තිබූ අතර ,

තවත් කිලෝ ග්රැම් 389,000 ක් බර තිබුන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස ගුවන් යානා 05 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා රැගෙන ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles