තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ  අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 30 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,917 දෙනෙකු සදහා ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ අතර , කිලෝ ග්රැම් 235,000 ක භාණ්ඩ ප්‍රවාහනය සදහා ද දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරිවරයා පැවසීය .

ඒ අනුව මෙම කාලසීමාව  තුළ ගුවන් යානා 15 කින් ගුවන් මගීන් 1,262 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණ තිබූ ගුවන් මගීන් අතර , ඉන්දියාවේ චෙන්නායි සිට 235 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 109 දෙනෙකු ද සිටියහ .

මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 655 දෙනෙකු ගුවන් යානා 15 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

එසේ පිටත්ව ගොස් තිබූ ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා වෙත 110 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා වෙත 95 දෙනෙකු ද සිටියහ .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා යූක්‍රේනය , එංගලන්තය යන රටවලින් විදේශීය සංචාරකයන් 111 දෙනෙකු ද  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ ආනයන ලෙස කිලෝ ග්‍රෑම් 105,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ අතර , තවත් කිලෝ ග්‍රෑම් 130,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් අපනයන ලෙස රැගෙන ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles