තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


මගී  ගුවන් යානා 31ක පැමිණි ගුවන් මගීන් 1,874 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් සලසා දී තිබූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මගී ගුවන් යානා 14 කින් ගුවන් මගීන් 978 දෙනෙකු මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට ගුවන් යානා 02 කින් 185 දෙනෙකු පැමිණ සිටියහ .

මෙසේ ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම ගුවන් මගීන් 896 දෙනෙකු ගුවන් යානා 17කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර සෞදි අරාබියේ රියාද් වෙත 167 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 165 දෙනෙකු ද සිටියහ .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ජර්මනිය , පෝලන්තය , ඕස්ට්‍රේලියාව ,ඊජිප්තුව , පිලිපීනය , නෙදර්ලන්තය සහ යුක්‍රේනය යන රට වලින් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශිකයන් 72 දෙනෙකු ද පැමිණ සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles