තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


ගුවන් යානා 27 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,736 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව ගුවන් මගීන් 686 දෙනෙකු , ගුවන් යානා 11 කින් මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අතර සෞදි අරාබියේ රියාද් සිට 105 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 70 දෙනෙකු ද , සිංගප්පූරුවේ සිට 89 දෙනෙකු ද පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින්  සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 1,050 ක් , ගුවන් යානා 16කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අතර සෞදි අරාබියේ රියාද් වෙත 229 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි වෙත 170 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 108 දෙනෙකු ද පිටත්ව ගොස් තිබූ ගුවන් මගීන් අතර සිටියහ .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ආනයන වශයෙන් කිලෝ ග්රැම් 133,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ අතර , අපනයන වශයෙන් කිලෝ ග්රැම් 299,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා රැගෙන ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

 



Recommended Articles