තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,429 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 20 කින් , ගුවන් මගීන් 855 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 133 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 81 දෙනෙකු ද පැමිණ තිබුණි .

එසේ පැමිණ තිබූ සියලුම ගුවන් මගීන් නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 574 දෙනෙකු ගුවන් යානා 18 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර ඉන්දියාවේ නවදිල්ලි වෙත 123 දෙනෙකු ද , ඕමානයේ මස්කට් වෙත 116 දෙනෙකු ද පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

 



Recommended Articles