තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 26 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,538 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව ගුවන් මගීන් 1,082 දෙනෙකු ගුවන් යානා 14 කින් මෙම කාලසීමාව තුළ  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි ගුවන් මගීන් අතර කුවේට් සිට 294 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 180 දෙනෙකු ද , චීනයේ ෂැංහයි සිට 130 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 91 දෙනෙකු ද , එරට ඩුබායි සිට 85 දෙනෙකු ද , ඉන්දියාවේ නවදිල්ලි සිට 73 දෙනෙකු ද සිටියහ .

එමෙන්ම මෙතෙක් ගුවන් ගමන් අත්හිටුවා තිබූ එංගලන්තයේ සිට ඊයේ දින දහවල් 1.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් ද ගුවන් මගීන් 25 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

මෙසේ පැමිණ සිටි සියලුම ගුවන් මගීන් නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 456 දෙනෙකු ගුවන් යානා 12 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

එසේ පිටත්ව ගුවන් මගීන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 142 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 79 දෙනෙකු සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles