තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,249 කට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අතරින් මෙම කාලසීමාව තුළ ගුවන් යානා 15 කින් ගුවන් මගීන් 784 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි පිරිස අතර කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගන්නා වැඩසටහන යටතේ ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට 164 දෙනෙකු ද , සාමාන්‍ය කාලසටහන යටතේ ක්‍රියාත්මක මගී ගුවන්  යානා වලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 105 දෙනෙකු ද , එරට අබුඩාබි සිට 85 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 170 දෙනෙකු ද , සිංගප්පූරුවේ සිට 58 දෙනෙකු ද සිටියහ.

ඔවුන් සියලුම දෙනා මේ වනවිට නීරෝධායනය සදහා රජයේ මධ්‍යස්ථාන සහ සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ .

එසේම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 465 දෙනෙකු ගුවන් යානා 14 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 158 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 72 දෙනෙකු ද පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 

 



Recommended Articles