තවත් විදෙස්ගත ලාංකිකයින් 397 දෙනෙකු දිවයිනට


2021 නව වසරේ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත  ගුවන් යානා 06 කින් , රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 397 දෙනෙකු පැමිණ තිබූ අතර , මෙම කාලය තුළ ගුවන් යානා 10 කින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 317 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

මෙසේ ඉන්දියාවේ චෙන්නායි සිට 283 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 48 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 27 දෙනෙකු ද,

ඉතාලියේ මිලාන් සිට 28 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ ගුවන් තොටුපළ වෙත පැමිණි පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , නීරෝධායනය සදහා යොමු කර තිබේ .

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ශ්‍රී ලාංකිකයන් 251 දෙනෙකු රැකියා සදහා මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

 



Recommended Articles