තවත් වන්දනාකරුවන් පිරිසක් ඉන්දියාවේ සිට දිවයිනට


දඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ (20)  දින රාත්‍රී ඉන්දියාවේ සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඔවුන් ඊයේ  දින රාත්‍රී 10.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් සියලු දෙනාම නීරෝධායන කටයුතු සදහා නියමිත මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් තිබුණි .

 



Recommended Articles